7 VIP වෙබ්සයිට් 2

හලෝ...කොහොමද කෂ්ටියට.......සෑහෙන්න කාලෙකට පස්සේ බ්ලොගේට ගොඩ වැදුනේ....අපිව දැන් මතකද මන්ද ;)

අද බ්ලොග් එකට ආවම තමයි දැක්කේ කට්ටිය ප්‍රශ්න ගොඩක් අහල තිබ්බ......ඒවට උත්තර දැම්ම......ඒත් ඉතින් ගොඩක් පරක්කුයි......අද මේ පැත්තේ ආවෙත් ඔය ගොල්ලන්ට වටිනා කියන වෙබ් අඩවි ටිකක් කියල යන්න.....කලිනුත් එහෙම වෙබ් අඩවි ටිකක් දුන්නනේ....ඒක බලපු නැති අය ඒකත් බලල එන්න........ඔන්න කලින් එකේ දෙවෙනි කොටස මෙතැන් සිට.......



ප්‍රොග්‍රැමින් ඉගෙන ගන්න සයිට් කීපයක්......


භාෂාවක් ඉගෙන ගැනීමට.....


අන්තර්ජාලයේ රැකියා කිරීම


මිනි ජොබ්ස්.....


සොෆ්ට්වෙයාර් නොමිලේ ලබා ගැනීමට.....

  නොමිලේ ඊබුක් හොයාගන්න ඕනේ අයට.....


තව තියෙන ඒව මතක් වෙන විදියට දාන්නම්.....ඔය ගොල්ලන් දන්න සයිට් තියෙනවනම් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා........

ඉස්සරහට ඇසෙම්බලින් ගැන මුල ඉදන් දාන්න කියල හිතන් ඉන්නව......පුලුවන් වෙලාවක ඒවත් දාන්නම්කෝ.......


එහෙනම් අපි කැපුනා......
ඔබට ජය!!!!!!!




15 අන්තර්ජාලයේදී අත්‍යාවශ්‍ය වන සයිට්.(අනිවාර්‍යෙන්ම බලන්න)

කොහොමද ඉතින් යාලුවනේ.......මේ දවස් වල ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්නේ........ඒකනිසා බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා......ඔන්න ඒවට හරියන්න හොද පෝස්ට් එකක් අරගෙන ආව........

ටිකක් වටිනා කියන අඩවි කීපයක් ගැන කිව්වොත් හොදයි කියල හිතුනා.......අපේ යාලුවෝ හැමදාම එක හා සමාන ප්‍රශ්න ටිකක්මයි අහන්නේ :) 


ෆිල්ම්ස් බලන අයට



  • කවුරුත් මුලින්ම මතක් කරනව වගේ ඉතින් මමත් කියන්නේ ටොරන්ට්ස් කියල තමයි......(http://torrentz.eu/)

ටොරන්ට් වලින් බාන්න අකමැති ඩිරෙක්ට් බාන්න කැමති අයට මේ සයිට් ටික......




මීඩියාෆයර්,රැපිඩ්ශෙයාර් වගේ ලින්ක් හොයන්න ලේසි ක්‍රමේ




සීරියල් කීස් ලේසියෙන්ම හොයාගන්න සයිට් ටිකක්




බුකිය වගේ තැන් වලට mp3 ෆයිල්ස් අප්ලෝඩ් කිරීම




සිංදු ඩව්න්ලෝඩ් කරන්න සයිට් කීපයක්




ගේම්ස් ගහන අයට සයිට් කීපයක්





ෆ්‍රී sms යවන්න සයිට් කීපයක්


  • තමන්ගේ gmail එකව්න්ට් එකෙන් කෙටි පණිවුඩ යවන්න පුලුවන් :)

එහෙනම් ඔන්න සයිට් ටික දුන්න.....අවුලක් එහෙම තිබ්බොත් කමෙන්ට් එකක් දාල යන්න......

අපි කැපුනා.....
ඔබට ජය!!!!!!!!!!!!!!!

14 Facebook හැක් කරමු

කොහොමද ඉතින් යාලුවනේ.......අද පොඩ්ඩක් ෆේස්බුක් හැක් කරන්න කියල දෙන්න හිතුනා.......හේ හේ බයවෙන්න එපා......හැක් කරන්න කිව්වට හැක් වෙන එකෙන් බේරෙන්න මොනවද කරන්න පුලුවන් කියල කියන්න ආවේ ;) දැන් මාතෲකාව දැකල හැක් කරන්න හිතන් ආපු අය මට බනින්නේ නැතුව මේකෙන් යමක් ගන්න බලන්න :-D


මොකද්ද මේ හැක් කරනව කියන්නේ?????මේක ඇත්තටම කරන්න පුලුවන්ද?????කොහොමද හැක් කරන්නේ????????අපිට මේකෙන් බේරෙන්න බැරිද?????????මේ වගේ ප්‍රශ්න හැම වෙලේම අහන ඒවනේ ;)

හැකින් කියන්නේ නරක පැත්තට වගේම හොද පැත්තටත් යොදාගන්න පුලුවන් දෙයක්......නමුත් අප රට තුලනම් මේක යොදාගන්නේ කාටහරි හානියක් කිරීමටම තමයි ;)


මොකද්ද මේ හැක් කරනව කියන්නේ.....සරලම පිලිතුර තමයි අයිති කාරයගේ අවසරයකින් තොරව ඔව්න්ගේ එකව්න්ට් එකකට ඇතුලුවීම.......


අපේ රටේ ගොඩ දෙනෙක් ඔය හැකින්ග් කියන එකනම් දන්නේ නැති බව ස්ථිරවම මට කියන්න පුලුවන්.....එහෙනම් කොහොමද අපේ එකව්න්ට් හැක් කරන්නේ??????මේ අය අපේ එකව්න්ට් හැක් කරන්නේ මාලුබාන (Phishing) ක්‍රමේට :)


මොකද්ද මේ මාලුබානව කියන්නේ......මේකෙන් කරන්නේ අපිලවාම අපේ පාස්වර්ඩ් එක ගන්න ක්‍රමයක්.......ඒ කියන්නේ ෆේස්බුක් පිටුවට සමාන පිටුවක් යොදාගෙන එයින් ලොග් වූවිට ඔබගේ රහස්‍ය පද එම පිටුව සෑදූ හැකර් අතට පත්වෙන ක්‍රමයක්.......මේ ගැන නොදන්න අය මේ පිටුවට (http://faceslbk.site50.net/) පිවිසිලා ඇඩ්‍රස් බාර් එක සහ ලොගින් පේජ් එක බලන්න.......ඔබගේ ඊමේල් හෝ පාස්වර්ඩ් මෙයට ලබානොදෙන්න!!!!!!!! 
ඔය ගොඩදෙනෙක් බාන්බඩී ක්‍රෙඩිට් නොමිලේ ගන්න මේකෙන් ලොග් වෙන්න කියන්නේ ඔයවගේ පිශින් සයිට්......


මේකෙන් බේරෙන එක හරිම සරලයි........තමන්ගේ ඊමෙල් ගිනුමට,,ෆේස්බුක් ගිනුමට,,ලොග් වීමට ප්‍රථම ඇඩ්‍රස්බාර් එකේ තියෙන ලිපිනය බලන්න........තිබිය යුතු ලිපිනය (www.facebook.com) වන අතර ඕක අපේ ඇස් රවටන විදියට හදල තියෙන්නත් පුලුවන්........

උදා :-

  • www.facebok.com
  • www.facebook.tk

වගේ තියෙනවනම් මෙය හැකර් කරුවෙකුගේ අඩවියක් බව තේරුම් ගන්න.......ඒවට තමන්ගේ තොරතුරු දීමෙන් වලකින්න......මේ ගැන සැලකිලිමත් උනොත් අපිට අපේ එකව්න්ට් එක හැක් වීම 90%කින් විතර නතර කරගන්න පුලුවන්........මීට අමතරව,,


  • තමන්ගේ ගිනුම් වලට ශක්තිමත් පාස්වර්ඩ් යොදන්න.......ශක්තිමත් කියල අදහස් කරනුයේ ඉලක්කම්,අකුරු,සංඛේත ඇති අකුරු 15ක් පමන දීර්ග පාස්වර්ඩ් එකක්......    
                                    
  • security question එක අනෙකෙක්ට අනුමාන කල නොහැකි අයුරින් ලබා දෙන්න.......

  • කිසි විටක තමන්ගේ පාස්වර්ඩ් වෙන කෙනෙක්ට ලබාදීමෙන් වලකින්න......

  • ෆේස්බුක් ගිනුමේ එකව්න්ට් සෙටින්ග්ස් වල සිකියුරිටි බ්‍රව්සින්ග්,ලොගින් නෝටිෆිකේශන්ස් හදන්න........ (https://www.facebook.com/settings?tab=security)


  • ඔබගේ මිතුරන් නොවන අයට ඔබගේ විස්තර දැනගැනීමට තිබෙන අවස්තාව අහිමි කරන එකත් හොදයි ;)(https://www.facebook.com/settings/?tab=privacy)මේදේ කරන්නේ අනුමාන කිරීම් අඩු කරගන්න :)

  • නොදන්න අය එවන ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් ඇක්සෙප්ට් කිරීමෙන් වලකින්න........

මේටික අනුගමනය කරොත් ඔබගේ ගිනුම ආරක්ෂා කරගන්න පුලුවන්.......

මේ ලිපිය මේ විදියටම ෆේස්බුක් ගෲප් එකක සමහර අය දැකල ඇති........එම ලිපිය මම විසින් සාදපු ලිපියක්.......කොපි පේස්ට් කිරීමක් නොවන බව සලකන්න :)

16 කවද හරි ඕන වෙන මෘදුකාන්ගයක් (MiniTool Partition Wizard)

කොහොමද ඉතින් යාලුවනේ......ටික කාලෙකට පස්සේ ආයිමත් බ්ලොග් එක පැත්තේ එන්න හිතුනා.......ඉතින් අද මම පොඩි සොෆ්ට්වෙයාර් එකක් අරගෙන තමයි ආවේ......මේ සොෆ්ට්වෙයාර් එකනිසා මට මගේ පරන හාඩ් ඩිස්ක් එකක් ගොඩදාගන්න පුලුවන් උනා.......


වැඩි කතා ඕනේ නෑ.....මේකයි විස්තරේ......මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි MiniTool Partition Wizard කියන්නේ.......බැරි වෙලාවත් හාඩ් එකේ බෑඩ්සෙක්ටර්ස් එහෙම ආවොත් මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ........ෆ්‍රී දෙන මෘදුකාන්ග වැඩක් නෑ කියල හැමෝම කිව්වට මේකෙන් කරන්න පුලුවන් වැඩ බැලුවම මේක ෆ්‍රී දෙන්නේ ඇයි කියල හිතාගන්න බැරි වෙයි........මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල පහල ඉමේජ් එක මගින් බලාගන්න පුලුවන්........

මේ තියෙන්නේ ප්‍රදාන පහසුකම් ටික.......
  • Support Windows 2000/XP/Vista/windows 7 (32 bit & 64 bit) operating system.
  • Support RAID.
  • Extend system partition to maximize computer performance.
  • Manage the hard disk for substantial performance increase.
  • Create, Delete and Format partitions with simple steps.
  • Disk Copy to protect or transfer data.
  • Support disk and partition size larger than 2 TB.
  • Convert partition format from FAT to NTFS.
  • Partition Copy: Copy the entire content of one hard disk to another.
  • Copy Disk Wizard: Copy the entire hard disk to another without having to reinstall Windows.
  • Disk Map - Visually demonstrate your disk/partition configuration; preview the changes before applying.
  • Hide/unhide partition, set active partition, etc. - Change partition properties easily.
  • Explore FAT/NTFS partition.
  • Set partition as primary.
  • Set partition as logical.
  • Rebuild MBR.
  • Disk Surface Test.
  • Partition Surface Test.
  • Change Partition Serial Number.
  • Change Partition Type ID.
  • Hot Extend Partition without reboot.
මම කියන්නේ නම් මේ මෘදුකාන්ගේ බාගෙන තියාගන්න.......දැන් ඕන නොවුනත් කවද හරි ඕන වෙන්න පුලුවන්........මේ සොෆ්ට්වෙයාර් එක ඉතා සරල මෘදුකාන්ගයක්.......වැඩ කරන්න හරිම පහසුයි.......ඉතින් ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ අය පහල ඉමේජ් එක ක්ලික් කරන්න.......

මම මේ දුන්නේ හෝම් එඩිශන් එක.......ඒක ෆ්‍රී දෙන එකක්......ඊට අමතරව ගෙවල ගන්න පුලුවන් වැඩි පහසුකම් සහිත මෘදුකාන්ගත් මේ අය හදල තියෙනව.......ඒව ගැන දැනගන්න මෙතනින් යන්න.......මේ ඒ ගොල්ලන්ගේ ඔෆීසියල් සයිට් එක.........

සොෆ්ට් එක හොදනම් පොඩි අදහසක් දාල යන්න........

එහෙනම් අපි කැපෙන්නම්......
ඔබට ජය!!!!!!!!!

16 ඉංග්‍රීසි වචන තේරෙන්නේ නැද්ද?මෙන්න විසඳුම

කොහොමද ඉතින් යාලුවනේ....සෑහෙන්න දවසකින් බ්ලොගේ පැත්තේ ආවේ........මම නාවට මෙතනට කට්ටිය ඇවිල්ල තියෙනව කියල තේරුනේ දාල තිබ්බ කමෙන්ට් නිසා......මේ දවස් වල ටිකක් වැඩ වැඩි ගතියක් තියෙනව....ඒකයි හරියට අප්ඩේට් එකක් දාන්න බැරි උනේ......අද ඉදන්වත් දිගටම බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕනේ ;)



ඉතින් කලින් ලිපියේදී මතකද පහසුවෙන් සිංහල ටයිප් කරන හැටි කියල දුන්න.......ඒකට මම හිතුවේ නැති තරම් ප්‍රතිචාර තිබුනා........මම නොහිතපු තරම් හිට් තිබ්බ.....ඒකෙන් තේරෙන්නේ තාම කට්ටිය අන්තර්ජාලේ සිංහල පරිහරනය ගැන දන්නව අඩුයි කියල........ඒක නිසා ඔන්න අද මම කියල දෙන්න හදන්නේ ඉංගිරිසිය මැඩගෙන අපේ භාෂාවෙන් පරිඝනකය පරිහරනය කරන්න පුලුවන් වෙන්න තවත් පොඩි වැඩ ටිකක්........

දැන් අපේ යාලුවෝ සිංහලෙන් ටයිප් කරන්න දන්නවනේ......දැන් එන ප්‍රශ්නේ කොහොමද ඉංග්‍රීසි වචන වල තේරුම් ගන්නේ කියල........ඒකටත් පහසු ක්‍රම තියෙනවා......ඒ ටික අද පෝස්ට් එකෙන් දාන්නම්..........


මදුර ඩික්ශනරිය භාවිතයෙන් තේරුම සොයමු..........

මේක ඉතා වැදගත් ඩික් එකක්.......මේක අපේ පරිඝනකයේ ඉන්ටෝල් කරගත්තම අපිට ඕනේ වචනයක සිංහල තේරුම හොයාගන්න පුලුවන්.......ඒ වගේම සිංහල වචනයක තේරුම ඉංග්‍රීසියෙන් හොයාගන්නත් පුලුවන්.........ඉතින් මේක ඩව්න්ලෝඩ් කරගන්න මෙතනින් යන්න.........

මෙතනින් ඔන්ලයින් ඩික්ශනරිය පාවිච්චි කරන්නත් පුලුවන්........

ඇඩෝන් මගින් තේරුම සොයමු......

ගූගල් ක්‍රෝම් සහ ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අයට මේ සදහා සහාය දක්වන ඇඩෝන් පරිහරනය කරගැනීමෙන් ඉංග්‍රීසි වචන වල තේරුම සිංහලෙන් ලබාගන්න පුලුවන්.......ගූගල් ක්‍රෝම් සදහා එන්සිටිප් සහ ෆයර්ෆොක්ස් සදහා ඉඟිය කියල ඇඩෝන් 2ක් තියෙනවා......ඒවා පහල ලින්ක් මගින් ලබා ගන්න........

ගූගල් ක්‍රෝමි සදහා මෙතන ක්ලික් කරන්න..... 
 

(මේ සයිට් එකේ ෆයර්ෆොක්ස් 5.0 වලට සහාය දක්වනව කිව්වට මේක ඉදිරියට එන්න තියෙන ෆයර්ෆොක්ස් 8.0 දක්වා සහාය දක්වනවා.....)

ෆයර්ෆොක්ස් පාවිච්චි කරන අය ඔය ගත්තු ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරල බ්‍රව්සරේට ඩ්‍රැග් කරන්න.....එතකොට ඉන්ස්ටෝල් වෙන්න අහයි........ඉන්ස්ටෝල් ක්ලික් කරල ඉන්ස්ටෝල් උනාම ෆයර්ෆොක්ස් රීස්ටාර්ට් කරන්න........එච්චරයි.......සිම්පල් ප්ලෑන් එක :-D

මේක පොඩි පෝස්ට් එකක්......මේක දැම්මේ කලින් දාපු පෝස්ට් එක සම්පූර්න වෙන්න.......දැන් ඉතින් කට්ටියට සිංහල දැනගෙන ඕන දෙයක් කරන්න පුලුවන්නේ :-)

ප.ලි - මම මෙච්චරකාලයක් ලියපුවිදියත් අමතක වෙලා :/

එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More